About Myself

Writing news articles for technews.lk during my leisure time is one of my favourite hobbies.I do those,not just to improve my knowledge and skills, but with the hope that these contributions will help for those who are interested in ever - evolving Tech World.I am still a student studying software engineering and apart I am engage in web developing and hosting activities as I am keen about technology.

I hope,
You will look back...



Total Donation

Total Projects

Total Volunteers

Skills

Web Designing 80%

Web Developing 70%

Web Hosting 70%

Grapic Designing 40%

Microsoft Office 90%

Android Developing 50%

Beta Testing in Android Apps 60%

Installing and Testing Softwares in Windows Operating System 95%

Our Web Development Pricing

Hosting + Domain 20,500LKR upwards.

Technologies

Serverside

We use latest technologies and scripts for back-end and we are ready to upgrade systems and webs all the time. Develop and host with us and feel free from maintenance.

Static Web

Rs.20,500

We host single paged static website and we provide 20,500LKR full package with hosting, domain, 5 Free email addresses under your domain and development. No hidden costs.

Dynamic

Rs.100,000

Dynamic websites with admin panels are starting from 100,000LKR with high proformance hosting. We provide all other related services according to your requirements.

Our Projects

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මේ වෙනකොට තාක්ෂණය පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන අතර, ඒ අයට තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න, ඒ ගැන හරි අවබෝධයක් ලබා ගන්නට තිබෙන මාර්ග වලින් අන්තර්ජාලයට හිමි වෙන්නේ ප්‍රධාන තැනක්.

කොහොම නමුත් ලංකාව පුරාම විසිරී සිටින මේ තාක්ෂණය පිළිබඳව ඉමහත් උද්‍යයෝගයෙන් සිටින පිරිසගෙන් වැඩි කොටසකට අන්තර්ජාලය භාවිතා කිරීමේදී ඇතිවන ප්‍රධාන බාධකයක් තමයි Language barrier එක, එහෙමත් නැතිනම් භාශාව පිළිබඳ තිබෙන ගැටළු සහගත බව.

ගොඩක් වෙලාවට ඒක ඒ අයගේ වැරැද්දක් නෙවෙයි. සමහර ප්‍රදේශ වල හරියට ගුරුවරු නැහැ, පහසුකම් නැහැ, නමුත් එහෙමයි කියලා එයාලා තමන්ගේ ගමන නවත්වන්න ලෑස්ති නැහැ.

අපි මේ technews.lk වෙබ් අඩවිය ඇතුලු platform එක ආරම්භ කරන්න කටයුතු කලේ අන්න ඒ පිරිසට හයියක් වෙන බළාපොරොත්තුවෙන් වන අතර ඒ වෙනුවෙන් තාක්ෂණය පිළිබඳව හැම දේම සම්පූර්ණයෙන්ම සිංහල භාශාවට පරිවර්ථනය කරලා කියලා දෙන එක මේ ප්‍රශ්නයට නිවැරදි විසඳුම විදිහට අපි දකින්නේ නැහැ.

නිතර භාවිතා වෙන ඉංග්‍රීසි වචනත් එක්ක, අලුත් තාක්ෂණය මේ අයට හුරු පුරුදු දෙයක් කරන්න වගේම, technology කියන්නේ මෙන්න මේකයි කියන එක තේරුම් ගන්න එයාලට අවස්ථාවක් දෙන එක තමයි මේකේ primary focus එක, එහෙමත් නැතිනම් මූලික අරමුණ වෙන්නේ.

ඒ වගේම පුළුවන් හැම අවස්ථාවකදීම අපේ ලිපි වල සඳහන් වන කරුණු වලට අදාළ වැඩිදුර විස්තර ඇතුළත් link එකතු කිරීම හරහා තමන් උනන්දුව දක්වන දේ පිළිබඳව තවදුරටත් පරිශීලකයාගේ අවධානය යොමු කරවන්න අපි උත්සුක වෙනවා.

ඉතින් අපි කල්පනා කළා අපේ මේ platform එකට article ලියන්න පුළුවන්/කැමති හැමෝටම ඒකට අවස්ථාවක් දෙන්න පුළුවන් විදිහට, ඒ කියන්නේ community powered එහෙමත් නැතිනම් සමාජය විසින් බල ගැන්වන platform එකක් විදිහට technews.lk නිර්මාණය කරන්න.

ඒ කියන්නේ ඔයා වගේ ගොඩ දෙනෙකුගේ මහන්සියෙන් තමයි මේ Techie app එකට වගේම technews.lk වෙබ් අඩවියටත් අළුත් ම අළුත් news එකතු වෙන්නේ. ඒ කියන්නේ මේකට news ලියන්න ඔයාටත් පුළුවන්. ඒ ගැන වැඩි විස්තර මේ පිටුවෙන් දැන ගන්න පුළුවන්.

කොහොම වුණත් ‍ඕනම කෙනෙක් article එකක් දැම්මම, අපේ editor කෙනෙක් හෝ දෙන්නෙක් ඒ හැම article එකක්ම manually review කරනවා. ඒවායේ තියෙන කරුණු වල නිවැරදි බව, භාශාව, සරළ විදිහට කිව යුතු නමුත් ගැඹුරු තැන් ගැන තිබෙන ගැටළු වගේ දේවල් ගැන අපි මේ review process එකේදි බලනවා, ඒ වගේම ඒ දේවල් නිවැරදි කරන්නත් අපි කටයුතු කරනවා.

මීට අමතරව අපි පළ කරන හැම article එකක ම සඳහන් කරුණු අවම වශයෙන් sources දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හරහා තහවුරු කරගන්න අපි නිතරම උත්සාහ කරනවා. ඒ වගේම මේ article review කරන්නේ technology ගැන සාමාන්‍යයෙන් හොඳ දැනුමක් තියෙන, industry එකේ යම්කිසි තැනක ඉන්න, ප්‍රවීණ අය. ඉතින් ඒ නිසා අපේ platform එකේ පළ කරන කරුණු වල නිවැරදි බව හා විශ්වාසනීයත්වය ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න අපට හැකි වෙලා තිබෙන බව අපි විශ්වාස කරනවා.

ඒ වගේම මේ සේවාව වෙනුවෙන් දැනටමත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තම කාලය, මුදල් තවත් කෙනෙකු වෙනුවෙන් වැය කිරීමට තරම් නිර්ලෝභීව කටයුතු කරන අපගේ සාමාජිකයන් පිරිස මෙහිදී විශේෂයෙන් අගය කළ යුතු වන අතර technews.lk සේවාව සමඟින් එකතු වී සිටින tech news ලියන, කියවන, share කරමින් මිළ කළ නොහැකි දැනුම් සම්භාරයක් හුවමාරු කිරීමට ඉඩ හසර සපයන ඔබ සියළුදෙනා දැනටමත් දක්වන සහයෝගය අප ඉතාමත් අගය කොට සළකනවා.

මෙම සේවාව නොමිලයේ ලබා දෙන සේවාවක් මෙන්ම දැනුම පිළිබඳව වන සේවාවක් නිසාවෙන් මෙහි පලවන ලිපි copy කිරීම සම්බන්ධයෙන් අප විසින් වැඩි තැකීමක් සිදු නොකරන නමුත්, ලිපිය ලියන ලද කතුවරයාට එම කර්තව්‍යය වෙනුවෙන් කැප කරන ලද කාලයට හා මහන්සියට හිමි විය යුතු ගෞරවය, එහෙමත් නැතිනම් credits ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මුල්ම Tech News app එකේ සිට technews.lk අද තිබෙන තත්ත්වයට ගෙන එන ගමන අතරතුරදී මෙන්ම දිනපතා පලවන ලිපි වලදීත් අපි අතින් වැරදි සිද්ධ වෙන්න/සිදු වෙලා තිබෙන්න ඉඩ තියනවා.

ඉතින් ඒ වගේ අඩුපාඩුවක්/වැරැද්දක් දකිනවා නම් ඒ පිළිබඳව අපිව දැනුවත් කරන්න කටයුතු කරන්න කියලා අපි ඔයාගෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. කවදා හරි දවසක මේ සේවාව පරිපූර්ණ සේවාවක් බවට පත් වන්නේ ඔයා ඒ විදිහට පෙන්වා දෙන එවැනි අඩුපාඩු හරි ආකාරයෙන් නිරාකරණය කිරීම මගින් බවත් අපි මතක් කරන්න කැමතියි.

මේ හැමදේම ගැන ඔයාගේ අදහස්, යෝජනා මෙන්ම චෝදනාවන්ද [email protected] යන email ලිපිනය හෝ අපගේ Facebook පිටුව ඔස්සේ අප වෙත යොමු කරන්න.